යෝනි ශ්‍රාවය හැදෙන හැටි
Tuesday, 27 November 2018 - 10:23 | Views - 9,406
අපේ රටේ බොහෝ කාන්තාවන් ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සුද යනවා කියන එක. සමහරු ඇඟ උණුකරවා යනවා කියලත් මේකට කියනවා.

මේගැන තියෙන මිත්‍යා මත බොහොමයි. ඒවගේම ලැජ්ජාව නිසා මේවා හිතේ තියාගෙන දුක් විඳින පිරිසකුත් ඉන්නවා. මේ සියලු දෙනා දැනුවත් කිරීම තමයි මේ ලිපියේ අරමුණ.

අද අපි කතා කළා ලිංගික සෞඛ්‍ය පිලිබඳවිශේෂඥයෙක් වන වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාට.

සුද යැම කියන්නේ මොකක් ද?

යෝනි මාර්ගයෙන් යම් දියරයක් පිටවීම තමයි මෙයින් අදහස් වෙන්නේ. අපි කියන්නේ මේකට යෝනි ශ්‍රාවය කියල.

යෝනිශ්‍රාවය හැදෙන්නේ කොහොමද?

යෝනි මාර්ගය හැදිලා තියෙන්නේ ලිංගික සංසර්ගය සහ දරු උපතකට අවකාශය සලසන්නයි. මේ කාර්යට යෝනි මාර්ගයේ තෙත ගතියක් පවත්වා ගැනීම අතිශයින් වැදගත්. ඒහින්ද යෝනි මාර්ගයේ තියෙන්නේ ශ්ලේෂ්මල පටක වලින් ආවරණය වෙලා. මේ ශ්ලේෂ්මල පටක සහ ගැබ් ගෙලේ තියෙන ග්‍රන්ථි වලින් නිරන්තරයෙන් ශ්‍රාවයන් හදනවා. මේ ශ්‍රාවයන් තමයි සුද කියල පිට වෙන්නේ.

සාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?

එය දිනකට මිලි ලිටර එකක් වගේ කුඩා ප්‍රමාණයක්. ගඳක් හෝ පාටක් නැ. මේක ලිංගික උද්දිපන්යකදී වැඩි වෙන්න පුළුවන්. ඒවගේම ඔසප් චක්‍රයේ දිනය අනුව මෙහි ප්‍රමාණය සහ වර්ණය ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්.

යෝනි ශ්‍රාවයේ වැදගත්කම මොකක්ද?

ලිංගික සංසර්ගයට ලිහිසි ද්‍රවයක් වීම ඉතා වැදගත් කර්තව්‍යයක් ඊට අමතරව පිටින් එන විෂබීජ විනාශ කිරීමට අවශ්‍ය විෂබීජ නාශක ත් අඩංගු වෙනවා.

සාමාන්‍ය සුද යැමකදී කෙට්ටුවෙනවද?

නැහැමෙය මිත්‍යාවක්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?

ප්‍රමාණය වැඩියි. මෙය යට ඇඳුම් තෙත් වෙන ප්‍රමාණයට එන්න පුළුවන්. අසාමාන්‍ය ගඳක්,සමහරවිට කුණු මාළු ගඳක් තියෙන්න පුළුවන්.වර්ණය කොළ හෝ අළු පාට විය හැකිය. සුදු පාට කිරි කැටිති වැනි ද්‍රවයයක්මේ ශ්‍රාවයේතියෙන්නත් පුළුවන්. ඒවගේම කසන්නත් පුළුවන්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු මොනවද?

තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ.

 වෛද්‍ය.I L ජයවීර

MBBS.PG DIP.MD in Venereology (Sexual Health and HIV Medicine)

සටහන - අසුන්තා එදිරිසූරිය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top