ඔබේ සිනහවේ සුන්දරත්වය රැකදෙන දත් ආරක්ෂා කරගන්න මේ කරුණු දැනගන්න
Wednesday, 26 April 2017 - 18:19 | Views - 8,887
අප කාගෙත් මුහුණේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ අපේ ආකර්ශනීය සිනහාවෙන්. මෙය බොහෝවිට තරුණියන්ට වැදගත්ම කරුණක්. ඉතින් මේ වගේ සුන්දර සිනහවක් තබා ගන්නනම් අපේ දත් දෙපළ පිරිසිදුව හා නීරෝගීව තිබිය යුතුයි. මුඛය හොඳින් පිරිසිදු කරගන්න බැරි වූවහොත් අපේ මුඛයෙන් දුගඳක් පිටවෙන්න පුළුවන්. එය බලපාන්නේ අප පිරිසක් අතර කතා කිරිමේදී අපහසුතාවයට පත්වීමෙනි.

මේ ලිපියෙන් කියවෙන්නේ අපේ මුඛය හා දත්වල නීරෝගී බව හා පිරිසිදුකම රැකගන්නා ආකාරයයි.

01. උදේ සහ රාත්‍රී ආහාරයෙන් පසුව හොඳින් දත් මැද පිරිසිදු කල යුතුය. පැණි රස ආහාර නිතර ගැනීමෙන් වැළකිය යුතු අතර එය ප්‍රධාන ආහාර වේලට පසුව ගැනීම පමණක් කල යුතුය.

02. විදුරුමස මැද සහ කෙලවර දිනපතා මසාජ් කරන්න. මාස 6කට වරක් වත් දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් ඔබේ දත් වල ඇති අඩුපාඩු මුඛ රෝග ආදිය ගැන උපදෙස් ලබාගන්න. කිසි විටෙකත් දත් සම්බන්ධ කුමන ගැටලුවකදී වත් රූපලාවන්‍ය උපදේශිකාවන් වෙත නොයන්න. එයට නිසි උපදෙස් හා ප්‍රතිකාර ලැබිය හැක්කේ දන්ත වෛද්‍යවරුන්ගෙන් පමණි.

03. සැර අධික ආහාර ගත් පසුව මුඛයෙන් දුඟදක් පිටවිය හැක. ඒ නිසා එවැනි ආහාරයක් ගත් විගස මුඛය හොඳින් සෝදාහරින්න. එසේ කල නොහැකි අවස්ථාවක නම් පෙපර්මින්ට් පෙත්තක් සපන්න.

04. දත් මැදීම සඳහා කෙඳි මෘදු බුරුසුවක් භාවිතා කරන්න. එසේම එම බුරුසුව මතුපිට සම මට්ටමක තිබීම අත්‍යවශ්‍ය යි.

05. පැණි රස ආහාර දත් වල රැඳීම් සිදුවන බැවින් මෙය දත් නරක වීමට බෙහෙවින් බලපායි. ඒ නිසා ඉහත කි අමු ආහාර, පැණි රස ආහාර වගේම පලතුරු ආදිය රාත්‍රී නින්දට පෙර ගැනීමෙන් වලකින්න. ඒවා ගත් පසු මුඛය සේදුවත් ඉතා ඉකමනින් එය ඉවත් නොවන නිසා දත් නරක් වීමට තිබෙන හැකියාව වැඩිවේ.

06. වෙරළු ආදී පලතුරු මෙන්ම සලාද වර්ගත් අමුවෙන් කෑමට සිදුවන එක සාමාන්‍ය නමුත් අමු ආහාර වැඩි වෙලාවක් සැපීමට සිදුවන නිසා දත් අතර ආහාර රැදීමේ ප්‍රමාණය වැඩිය. දත් නරක වීමට එය බලපාන බැවින් එබඳු ආහාර ගැනීමෙන් පසුව හොඳින් දත් මැද මුඛය සෝදාහරින්න.

07. තද කෝපි වැනි දෑ දත් වලට හිතකර නොවේ. මේවා පානය කරනවා නම් මුඛ සෝදන දියරයකින් කට සෝදා දමන්න.

08. දත් ඉදිරියට නෙරා ඇතිවිට දන්ත වෛද්‍යවරයෙක් ලවා කම්බියක් දැමීම මගින් එය යම් පමණකට වලක්වා ගත හැක. බොහෝදෙනෙක් සිතන්නේ එය වයස අවුරුදු 12-18 පමණ කාලයේදී දැමීමෙන් මිස ඉන්පසුව දැමීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බවය. ඊට වඩා වැඩි වයස් වලදී මේවයින් ප්‍රතිඵල ලබාගැනීම අපහසු නොවේ.

09. නිතරම උෂ්ණාධික ආහාර ගන්නා අයගේ දත් වල ගැටළු ඇතිවීම බහුලය. ඒ නිසා නිරෝගී දත් දෙපලක් පතන ඔබ දත් පිරිසිදුව තබාගැනීමට සේම ශරීරයට ගුණ දායි ස්වභාවික ආහාර ගැනීමටද සැලකිලිමත් විය යුතුය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top