අවශ්‍යය ප්‍රමාණයට වතුර නොබිව්වොත් සොරිම තමයි
Tuesday, 25 April 2017 - 9:58 | Views - 16,852
වතුර වීදුරුවක් පානය කිරීම තුළින් ශරීරයේ රෝග රැසක් සුවවෙන බව ඔබ දන්නවාද?

අත්‍යවශ්‍ය ප්‍රමාණයට වතුර පානය නොකිරීම තුළින් ඇතිවන විජලනය නිසා ශරීරයේ සිදුවන වෙනස්කම් රැසක් මෙලෙස පෙන්වා දෙන්න පුළුවන්.

01.හිසරදය

හිසරදය සමඟ ඇතිවන වේදනාවන් විජලනයට අතවනනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අපේ ශරීරයේ ජලය අඩු නිසයි. වැඩි වශයෙන් වතුර පානය කළොත් ඔබට හිසරදයෙන් පවා මිදෙන්නට පුළුවන් වෙනවා.

02.වියළි සම

විජලනයේ තවත් එක් හෝඩුවාවක් හැටියට වියළි සම දක්වන්න පුළුවන්. මෙම නිසා අඩු වශයෙන් දහඩිය දැමීම යන විශාල ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙනවා.
වැඩිපුර ජලය පානය කිරීමට නිරතුරුව යොමු වුවහොත් එමඟින් සම සුමුදු කරගන්න පුළුවන්.

03.වියළි මුඛය

නිතරම මුඛය වියළීම විජලනයේ ප්‍රධාන සංකේතයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සඳහා තියෙන හොඳම විසඳුම තමයි වතුර බෝතලයක් ළඟ තබාගෙන පිපාසය ඇති වූ විට පානය කිරීම. ඒ වගේම මතක තියාගන්නම ඕන දෙයක් තමයි සමහර ඖෂධ නිසා මුඛය වියළීමට ලක්වෙනවා. උගුරේ තිබෙන ශ්ලේෂ්මල තුනී හම තෙත ගතියකින් තැබීමට ජලය ස්නේහකයක් ලෙසත් කටයුතු කරනවා.

04.තද පැහැ මූත්‍රා

ඔබගේ මූත්‍රා තද පැහැයකින් යුක්ත වෙනවා නම් ඔබ විජලනයෙන් පෙළෙන බවට එය ලක්ෂණයක්. ඔබ මූත්‍රාවල පැහැය පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා නම් එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මැන ගැනීමට රුකුලක් වෙයි. වැඩිපුර වතුර පානය කිරීමෙන් මූත්‍රාවල පැහැය ළා පැහැ වෙනවා.    

05.අලස නිදිමත ගතිය

වතුර අඩුවෙන් පානය කිරීම තුළින් අලස බව හා අධික නිදිමත හටගැනීම සිදුවෙනවා. මෙමඟින් ජලය ශක්තිය බවට පරිවර්තනය කිරීම සෙමින් සිදුවෙනවා. ඔබගේ ශරීරය නිවැරැදි ලෙස සමබරව තබා ගැනීමට නම් වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකරන්න වෙනවා.

06.ලේ පිරුණු ඇස්

ඔබගේ ඇස් ලේ පිරුණු ස්වභාවයකින් දිස්වේ නම් එයද විජලනයේ සංඥවක් වෙනවා.
මෙමඟින් ඇස්වලට හානිවීමක් සිදුවෙනවා. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා නිතරම වතුර පානය කිරීම සුදුසු වෙනවා.

07.නිතර බඩගින්න

නිතරම බඩගිනි දැනීම බඩගින්නම වෙන්නේ නෑ.
ඒ තුළ පිපාසයත් ඇතුළත් වෙලා තියෙනවා. නිතර නිතර බඩගිනි දැනීමත් විජලනයේ එක් රෝග ලක්ෂණයක් වෙනවා.
ඔබ කිසියම් සුළු ආහාරයක් ලබාගන්නා විට ඊට පෙර වතුර වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වෙයි.

08.හද ගැස්මේ වෙනස

නිතර නිතර හද ගැස්ම වැඩිවීමත් ශරීරයට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ඇතිවෙන තත්ත්වයක් ලෙස පෙන්වා දෙනවා. අවම වශයෙන් දිනකට වතුර වීදුරු 8ක් පමණ පානය කිරීමට පුරුදු වීම වැදගත් කරුණක් වෙනවා.

09.දැඩි පිපාසය

අවශ්‍ය තරමට ජලය ශරීරයේ නොමැතිවීමෙන් අප නිතරම පිපාසයෙන් පෙළෙනවා. මේ සඳහා තිබෙන පහසුම විසඳුම තමයි නිතරම වැඩි වශයෙන් වතුර පානය කිරීම.

10.මස් පිඬු සිහින් වීම

ඔබගේ මාංශ පේශීන් තුළ වැඩි වශයෙන්ම වතුර අඩංගු වෙනවා. ඔබ වතුර අඩුවෙන් පානය කිරීම නිසා ඔබගේ මාංශ පේශීන් අඩුවීමට ලක්වෙනවා. කිසියම් කාර්යයන් සිදුකිරීමට පෙර, සිදුකරන අතරතුර හා සිදුකිරීමෙන් පසුව ජලය පානය කිරීම නිසා දහදිය දැමීම මෙන්ම මාංශ පේශීන් තුවාල වීමත් වැළකෙනවා.

11.වයසට යාම

ඉක්මණින් වයසට යෑමට මුලපුරන එක් කාරණයක් විදියට ශරීරයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නොමැතිවීම දක්වන්න පුළුවන්.
ඔබට වයසට යෑම මඟහරවා ගැනීමට නම් සිදුකළ යුතු වන්නේ වැඩිපුර ජලය පානය කිරීම පමණයි.

12.මළ බද්ධය

වතුර ප්‍රමාණවත් පරිදි පානය නොකිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වී මළ බද්ධය ඇති වෙනවා. නිතරම වතුර බොන්න පුළුවන් නම් මේ තත්ත්වය මඟහරවා ගැනීමට එය කදිම විසඳුමක් වෙනවා

13.ප්‍රතිශක්තිය

අපේ ශරීරයේ තියෙන විස දේවල් වගේම අවයව අක්‍රීය වීම නැතිකරලා දාන්න වතුරවලට පුළුවන් වෙනවා. ශරීරයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගන්න වතුර ඉන්ධනයක් ලෙස භාවිත කිරීම සිදුවෙනවා. එමනිසා ඔබට වැළඳෙන රෝගය සහ අනෙකුත් විවිධ ගැටලු සමඟ සටන් කිරීමට ජලයට හැකියාව තිබෙනවා.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top