ඔබ මෝහනය කිරීම් විශ්වාස කරනවාද?මෝහනයෙන් රෝග සුව කරන්නේ කෙසේද?
Sunday, 23 April 2017 - 18:07 | Views - 10,084

මෝහනයෙන් රෝග සුව කරන බව අසා තිබුනත් ඇත්තටම මෝහනයෙන් රෝග සුවකළ හැකිද?මෝහනය කියන්නේ මොකද්ද?
හිත සියුම් තත්වයකට ගැනීම මෙම මෝහනය කිරීමේදී සිදුවෙනවා.
එම තත්වයේදී අපට යටි සිත සමඟ කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා.
යටි සිතට අවට ශබ්ද ඇසෙනවා.ඒත් කතා කරන්නට පුළුවන් තමා කැමතිනම් විතරයි.
තමන් නොතේරෙන තත්වයක පසුවීම නිසා නොදැන යම් දේ කරයිද,
කියවයිද කියලා බොහෝ අය අතරේ බියක් තියෙනවා.
ඒ නිසාම තමයි බොහෝ දෙනා මෝහනයට යොමුවීමට බියක් දක්වන්නේ.
සිත තුළ තදකරගෙන ඉන්න දේ මෝහනයට පත්වූ විට කියන්නට හැකියාවක් ලැබෙනවා.
එම හැකියාව ලැබෙන්නේ යටි සිත මඟින්.
එයට හේතුව උඩු සිත නිද්‍රාගතවීමේදී යටි සිතට ඇමතීමේ හැකියාව ලැබීමයි.
අප සිත තුළ තිබෙන සියලුම ප්‍රශ්න ගබඩාකර ගන්නේ යටි සිත තුළයි.
පුද්ගලයාවත් නොදැනීම සිදුවන කියාවක් ලෙසද එය හඳුන්වා දෙන්න පුළුවන්.
එහි ප්‍රතිඵලය තමයි කාලයත් සමඟ සිරුරින් රෝග තත්වයන් ලෙසට එය එළියට් පැමිණීම.
බොහෝවිට ඇදුම , පීනස,දියවැඩියාව සහ සමේ රෝග ලෙසින් එම තත්වයන් මතුවිය හැකියි.
සිත තුළ තදකරගෙන සිටින ප්‍රශ්න එළියට මතුවෙමින් කය ලෙඩ කරන්නට පටන් ගන්නේ ඒ ආකාරයටයි.
යටි සිතට කතා කරලා මෝහනය මඟින් සිදුකරන්නේ උඩු සිතේ පියන් ඇරලා යටි සිත දිහා බලනවා වගේ දෙයක්.තවත් විදියකින් කියනවනම්
සෝඩා බෝතලයේ පියන ගැලෙවුවා වගේ.සෝඩා බෝතලයේ පියන ගැළවූ විට තිබෙන තරම් බුබුළු ටික උඩට මතුවී එය අවසන් වූ පසු සෝඩා ටික නිශ්චල වෙනවා.අන්න ඒ වගේ.
මෝහනය කළ සිත කියවන්නට පටන් ගන්නේ ඒ නිසයි.
එවිට තමාගේ සිත තුල ගුලිවී ඇති දුක ඉවරවෙනතුරුම කියවනවා.අඩනවා.
ඇත්තටම ඒ ක්‍රියා කරන්නේ යටි සිතින්.
මෝහනය කළ වේලාව ඇතුළත අවට පරිසරයේ ශබ්ද,
කතා කරනදේ පිළිබඳව ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.
මෝහනයෙන් පසුව යම් සංකූලතා ඇතිවන්නේ මෝහනයට ලක්වූ පුද්ගලයා සිටි පරිසරය නිවැරදි එකක් නොවීම නිසාවෙනුයි.
උදාහරණයක් ලෙස,
මෝහනයට පත්වූ අවස්ථාවකදී හෙණ හඬකට ගොඳුරු වුනා යැයි සිතමු.
එවිට පුද්ගලයා කම්පනයට පත්වනවා.එවිට යථා තත්වයට පැමිණි පසුත් එම කම්පනය එලෙසින්ම පවතිනවා.
වැරදි වචනයක් ,නරක දෙයක් හිතට දැම්මා නම් එයද යටි සිතේ තැන්පත් වෙනවා.
ඒ නිසාමයි මෝහනය කිරීම ඉතාම කල්පනාකාරීව කළ යුතු බව පවසන්නේ.
මෝහනයෙන් රෝග නිධානය සොයන විට එය කරන්නේ වෛද්‍යවරයා පමණයි.
එයට හේතුව යටි සිත තුළ තැම්පත් සියලුම දේ අදාළ පුද්ගලයා විසින් කියවන නිසාවෙනුයි.
ඒ නිසා විශ්වාසයෙන් පෞද්ගලිකවම එය කළ යුතුයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article