අයවැයට එරෙහිව අද ජාතික විරෝධතා දිනයක්.. සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක් එක්වෙයි..
Monday, 23 November 2026 - 9:03 | Views - 21
අයවැයට විරෝධය පළ කරමින් අද (23) පැවැත්වෙන ජාතික විරෝධතා දිනයට සමගාමීව රජයේ කාර්යාල ඉදිරිපිට කෑම පැයේදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එසේම ජාතික විරෝධතා දිනයට සමගාමීව අද දිනයේදී කළු ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමට සැලසුම් කර ඇති බවයි විදුහල්පති ශ්‍රේණි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් සංවර්ධන නිලධාරීන්, කලමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල සහ හෙද, තාක්ෂණික නිලධාරීන්, කාර්යාල සහයක කාර්යමණ්ඩල, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම විරෝධතාව සඳහා එක්වනු ඇති.

එසේම සිය ක්ෂේත්‍රයේ ඉල්ලීම් නොසලකා හැරීමට විරෝධය පල කරමින් ලබන 30 වැනිදා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top