සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර සංශෝධනයට අවසන් දිනය දැනුම් දෙයි.. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..
2026 සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 08 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ විභාග ප්‍රවේශපත්‍රවල සංශෝධන තිබේ නම් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර සිදුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව විභාගයට පසු නම් සංශෝධනයට කිසිදු අවස්ථාවක් නොමැති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.