පීඩන අවපාතය හේතුවෙන් මුහුදු ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්.. ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක්..
පීඩන අවපාතයක බලපෑම හේතුවෙන් දිවයින ආශ්රිත මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව, අද (14) උදෑසන 5.30 සිට නැවත දැනුම් දෙනතුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා.
එමෙන්ම, කන්කසන්තුරේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්රදේශවලද ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබෙනවා.
පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.