රටම කම්පා කළ රඹෑව බස් අනතුර.. අනතුර සිදුවන මොහොතේදී රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව හෙළිවෙයි..
Friday, 13 November 2026 - 16:07 | Views - 50
අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී සහ වෛද්‍ය පරීක්ෂණවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු විසින් අනතුර සිදු වන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බව සිදු කරන ලද මුත්‍රා සාම්පල් පරීක්ෂාවකින් හෙළි වී ඇති බව වාර්තා වුණා.

අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර - යාපනය (ඒ-09) මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය (10) වැනිදා උදෑසන බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙක් මියගොස්, තවත් මගීන් 76 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

මේ අනතුර සිදුව ඇත්තේ ජනකපුර සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කළා.

එහිදී වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක්ද, කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් මේ අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එක් ලංගම බස් රථයක රියැදුරෙකු හා මගීන් තිදෙනෙකු මියගිය අතර මරණකරුවන් අවුරුදු 47 හා 56 වයස්වල පසුවන ඇටවීරගොල්ලෑව සහ රිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top