ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ ප්‍රධාන සේවාවන් රැසක දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් දස දහස් ගණනකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, විශේෂයෙන්ම Microsoft Teams, Outlook සහ Copilot වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙත පිවිසීමේදී සහ සම්බන්ධතා පවත්වා ගැනීමේදී පරිශීලකයින්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබුණා.
සම්බන්ධතා ගැටලුවක් (Connectivity Issue) හේතුවෙන් ඊයේ සිට ටීම්ස් සහ අවුට්ලුක් ඇතුළු සේවාවන්ට මෙලෙස බාධා එල්ල වී ඇති අතර, මෙම තත්ත්වය රටවල් 74ක පරිශීලකයින්ට සෘජුවම බලපා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් සිදුව ඇති මේ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම, මේ හදිසි අක්‍රීය වීම කිසියම් සයිබර් ප්‍රහාරයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ද එම සමාගම විශේෂයෙන් සඳහන් කර සිටිනවා.