පළාත් හයකට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 ඉක්මවූ තද වැසි.. අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න.
අද (09) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් පවසනවා.
අද දින පිටතට යන සහ ගමන් බිමන්වල යෙදෙන සියලු දෙනාම මෙම තද වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අකුණු අනතුරු සහ තද සුළං පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ඔවුන් වැඩිදුරටත් මතක් කර සිටිනවා.