'කාවන්තිස්ස' ඇතාගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් සැරසෙයි.. අලි-මිනිස් ගැටුම විසඳුම් සෙවීමත් විශේෂ වැඩපිළිවෙලක්..
සියඹලාංගමුව වැව් රක්ෂිතයේ විසූ ‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, කාවන්තිස්ස ඇතුළු කහල්ල-පල්ලෙකැලේ හස්ති රංචුව නිතර ගැවසෙන ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත ජනාධිපති ආර්. ප්‍රේමදාසට අයත් වතු පරිශ්‍රයේ මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීමට නියමිතයි.
වෙන් කරන ලද මෙම භූමි භාගය තුළ අදාළ ඇතාගේ ප්‍රතිමාවට අමතරව පර්යේෂණ සහ පුස්තකාල පරිශ්‍රයක් ද ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එමගින් අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා අවශ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම, විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා ඇත් සහ අලි සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනු ඇති.
විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ මගින් මෙම සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.