බැංකු ගිණුම්, වාහන සහ ඉඩම් ලියාපදිංචිය ඇතුළු සේවාවන් 8ක් සඳහා දැන් TIN අංකය අනිවාර්යයි.
බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු ආර්ථික කාර්යයන් 8 ක් සඳහා අද (01) සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ යටතේ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හෝ මෝටර් රථ බලපත්‍රය අලුත් කිරීම, ඇතුළු කාර්යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ට TIN අංකයක් ලබාගැනීම මේ වනවිට අනිවාර්ය කර ඇතත් TIN අංකයක් ලබා ගැනීමෙන් එම සියලු දෙනා බදු ගෙවීමට යටත් නොවන බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ අනුව, හෙට සිට වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින් යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී හා බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
වයස අවුරුදු 18 ඉක්මවූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 14කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට TIN අංකය ලබාගෙන ඇති අතර, මෙතෙක් TIN අංකයක් ලබා ගෙන නොමැති ජනතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයක් වෙත පැමිණ හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු සඳහන් කළා.