පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි.. අද දිනයේ කාලගුණ අනාවැකිය මෙන්න.
දිවයිනේ ප්‍රධාන පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක අද (01) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත්වලත්, අම්පාර මෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අංශ ජනතාවට මතක් කර දී තිබෙනවා.