ලෝක වෙළෙඳපොළේ රන් මිල සීඝ්රයෙන් පහතට.. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය
ලෝක වෙළෙඳපොලේ රන් මිල පහත ගොස් තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3, 875.53ක් ලෙසයි.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙසයි සැලකෙන්නේ.
මේ අතර, අද දිනයේ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 355,000ක් ලෙස සටහන් වුණා.
කැරට් 22 රන් පවුමක මිල වාර්තා වන්නේ රුපියල් 326,600ක් ලෙසයි.