''එම රාත්‍රියේ සිට මේ දක්වා මට වේදනාවක් නොදැනුණු එක මොහොතක්වත් තිබුණේ නැහැ'' මරණීය එන්නතෙන් දිවි ගලවා ගත් ක්‍රිස්ටා පයික් පළමු වරට කියයි..
Saturday, 31 October 2026 - 14:16 | Views - 41

මරණ දඬුවම නියම වූ සිරකරුවෙකුට මාරාන්තික එන්නත් මාත්‍රාවක් ලබා දුන් පසු යළි ජීවත් වීමට අවස්ථාවක් ලැබේද?
අදහාගත නොහැකි වුවත්, එවැනි අතිශය දුර්ලභ මෙන්ම කම්පන සහගත සිදුවීමකට මුහුණ දුන් අමෙරිකානු මරණ දණ්ඩනය නියම වූ සිරකාරියක වන ක්‍රිස්ටා පයික් (Christa Pike), එම බිහිසුණු අත්දැකීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඇය සඳහන් කරන්නේ එම අසාර්ථක මරණීය එන්නත් ලබාදුන් රාත්‍රියේ පටන් මේ මොහොත දක්වා තමන්ට දරුණු වේදනාවෙන් තොර එකදු තත්පරයක් හෝ නොතිබූ බවයි.
"මගේ මුළු සිරුරම, දෑත් සහ උගුර තවමත් දරාගත නොහැකි වේදනාවකින් දැවෙනවා. වචනයක් කතා කරන්න පවා මට දැඩි අපහසුයි. මේ ශාරීරික වේදනාවට අමතරව මගේ මනස සහ ආත්මයම දැඩි කම්පනයකට සහ පීඩාවකට ලක්වෙලා..." යනුවෙන් ඇය පවසා තිබෙනවා.
දැනට 50 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටා පයික්ට, පසුගිය සැප්තැම්බර් මාසයේදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පෙන්ටොබාර්බිටල් (Pentobarbital) නමැති මාරාන්තික ඖෂධය අධි මාත්‍රාවකින් දෙවරක්ම එන්නත් කර තිබුණා.
එහෙත් අදහාගත නොහැකි අයුරින් එම ක්‍රියාවලිය අසාර්ථක වෙමින් ඇය දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඇයව කඩිනමින් රෝහල්ගත කිරීමටයි බන්ධනාගාර බලධාරීන් පියවර ගත්තේ. සති කිහිපයක ප්රතිකාරවලින් පසු පසුගිය මාසය අවසානයේදී රෝහලෙන් මුදාහළ ඇයව නැවතත් බන්ධනාගාර සිරමැදිරිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
1995 වසරේදී 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් නමැති තරුණිය අතිශය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරදට වරදකාරිය වීම හේතුවෙනුයි ක්‍රිස්ටා පයික්ට මෙලෙස මරණ දඬුවම නියම වී තිබුණේ.
මරණයේ එළිපත්තටම ගොස් යළි පැමිණි ඇයගේ මෙම කම්පන සහගත ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය පුරාත් දැඩි ආන්දෝලනයක් මෙන්ම මරණ දඬුවම පිළිබඳ අලුත්ම නීතිමය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.
Share This Article