මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි.. වැඩිම පිරිසක් ඉන්දියාවෙන්.. ලංකාවේ සංචාරක ව්යාපාරයේ සිදුවූ අලුත්ම පෙරළිය..
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම කාලය තුළ සංචාරකයින් 1,813,484 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි එම දත්තවල දැක්වෙන්නේ.
මේ වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්යාව 482,944ක්.
එමෙන්ම, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් 102,920 දෙනෙකු ද මේ වසරේ මේ දක්වා ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්යාව 45,530ක්.