තව්තිසා දෙව්ලොවින් බුදුහිමි වැඩම කළ, උතුම් කඨින පිංකම් සමයට මුලපුරන වප් පෝය අදයි..
Sunday, 25 October 2026 - 9:59 | Views - 42
සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනට මඟපෑදීම, කඨින චීවර මාසයේ ආරම්භය සහ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කරවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන පින්බර වප් පුර පසළොස්වක පෝය දිනය අදට (25) යෙදී තිබෙනවා.

වස්සාන ඍතුවේ අවසාන පෝය දිනය වන වප් පෝයත් සමඟම බෞද්ධ ජනතාවගේ උතුම්ම ආමිස පූජාවක් ලෙස සැලකෙන 'කඨින චීවර පූජා' පැවැත්වෙන කඨින මාසය (වප් මහ) ආරම්භ වනු ඇති.

මාතෘ දිව්‍ය රාජයාට සහ දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කරවන ලද්දේ අද වැනි වප් පුර පසළොස්වක පෝය දිනකයි.

එමෙන්ම, දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සහ මෙහෙණි සසුන පිහිටුවීම සඳහා සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීමට ආරාධනා කිරීමට මහමෙවුනා උයනේදී මහා අරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත් කර හරින ලද්දේද අද වැනි පෝය දිනකදීයි.

මහා අරිට්ඨ හිමියන් ඇතුළු පිරිස චේතියගිරියේදී (මිහින්තලේ) උපසම්පදාව ලැබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාව තඹපණ්ණියේදී පැවැත්වීම සිදුවූයේද වප් පෝය දිනකදී වන අතර, පෙරවස් විසූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම සහ අටමහා කුසල් අතර අග්‍රගණ්‍ය පූජාව වන කඨින චීවර පූජාමය පින්කම් පැවැත්වෙන කඨින මාසය වප් පෝය දිනෙන් ආරම්භ වනු ඇති.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top