වැන් ගෝගේ ‘The Starry Night’ පිටුපස සැබෑ අහසේ රහසක්.. පර්යේෂකයන්ගෙන් නවතම අනාවරණයක්..
Saturday, 24 October 2026 - 21:13 | Views - 32
වින්සන්ට් වැන් ගෝගේ ප්‍රසිද්ධ සිතුවමක් වන The Starry Night නිර්මාණය කිරීමේදී, ඔහු සැබෑ අහසේ තරු රටාවක් නිරීක්ෂණය කර ආභාසය ලබාගෙන තිබෙන්නට ඇති බව දකුණු කොරියානු පර්යේෂකයෝ පවසනවා.

1889දී නිර්මාණය කළ එම සිතුවම මෙතෙක් සැලකුණේ වැන් ගෝගේ පරිකල්පනය, පෙර ඇඳි රූප සහ ප්‍රංශයේ මානසික සෞඛ්‍ය ආයතනයක ඔහුගේ කාමරයේ ජනේලයෙන් දුටු දර්ශනවල මතකයන් මුසු වූ නිර්මාණයක් ලෙසයි.

නමුත් Scientific Reports සඟරාවේ පසුගිය දා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, එය සැබෑ අහස නිරීක්ෂණය කිරීම මත වැඩි වශයෙන් පදනම් වූවක් විය හැකි බවයි.

විශාල, දීප්තිමත් තරු, ආලෝකමත් අඩ සඳක් සහ නිල්-සුදු වර්ණයෙන් කැරකෙන වලාකුළු වැනි රටා සිතුවමේ අහස පුරා දක්නට ලැබෙනවා.

එම දර්ශනයට සයිප්‍රස් ගසක් සහ දුරින් පිහිටි කඳුකර ගම්මානයක් ද ඇතුළත්.

දකුණු කොරියානු අභ්‍යවකාශ විද්‍යා සමාගමක් වන SLLAB සහ සෝල්හි Kyung Hee විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, වැන් ගෝගේ වෙනත් සිතුවමක් යොදාගෙන The Starry Night සිතුවමේ පසුබිමට සමාන කඳුකර ස්ථානයක් හඳුනාගෙන තිබෙනවා.

එය දකුණු ප්‍රංශයේ Saint-Rémy-de-Provence ආසන්නයේ, වැන් ගෝ මාස 12ක් රැඳී සිටි මානසික සෞඛ්‍ය ආයතනයට නිරිත දෙසින් පිහිටි ප්‍රදේශයක් බවට ඔවුන් නිගමනය කර ඇති බව සඳහන්.

ඉන්පසු පර්යේෂකයන් 1889 ජූලි 22 වැනිදා අලුයම එම ස්ථානයට ඉහළින් තිබූ අහස පරිගණකයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

එහිදී සඳ සහ සිකුරු ග්‍රහයා අහසේ දෙපස පිහිටා තිබූ බව දැක්වුණු අතර, සඳ ඉහළ දකුණු කෙළවරට ආසන්නව ද, සිකුරු පහළ වම් පසට ආසන්නව ද තිබූ බව සඳහන්.

ඒ අතර, වෘෂභ තාරකා රාශියේ පිහිටි තරු සිය ගණනකින් සමන්විත Hyades තරු පොකුර ද දක්නට ලැබුණු අතර, එම පොකුරේ දීප්තිමත් තරු පහක් දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසින් දැකිය හැකි අතර, ඒවා එක්ව “V” හැඩයක් ගන්නා බවයි සඳහන් වෙන්නේ.

අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, තාරකා විද්‍යාඥ හා ඉංජිනේරු SLLAB ප්‍රධාන විධායක Elijah Jeong-hyun Kim සඳහන් කර ඇත්තේ, චිත්‍ර ශිල්පියෙකු තරු ඒවායේ සැබෑ ප්‍රමාණයෙන් හෝ පිහිටීමෙන් අඳින්නේ නැති බවයි.

එම නිසා පර්යේෂකයන් තරු රටා දෙකෙහි පිහිටීම, ප්‍රමාණය සහ භ්‍රමණය නොසලකා හැර, ඒවායේ හැඩය පමණක් සසඳන සංඛ්‍යානමය විශ්ලේෂණ ක්‍රමයක් භාවිත කර තිබෙනවා.

එම ක්‍රමය මගින් සිතුවමේ මැද කොටසේ පෙනෙන තරු පහේ රටාව, එදින රාත්‍රියේ අහසේ තිබූ Hyades තරු පොකුරේ රටාවට සමීපව ගැළපෙන බව පර්යේෂකයන් පවසනවා.

ඔවුන්ගේ නිගමනය අනුව, වැන් ගෝ අහසේ නොතිබූ රටාවක් නිර්මාණය කළාට වඩා, නිරීක්ෂණය කළ රටාවක් තමන්ගේ කලාත්මක ශෛලියෙන් විශාල කර කැන්වසය මත නිරූපණය කර තිබෙන්නට ඇති බවයි.

එම හැඩ විශ්ලේෂණ ක්‍රමයම යොදාගෙන වැන් ගෝගේ 1888දී නිර්මාණය කළ Café Terrace at Night සිතුවම, Summer Triangle ලෙස හඳුන්වන තරු රටාව සමග ද සසඳා තිබෙනවා.

මූලාශ්‍රය : CNN
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top