සුරතලා බේරන්න ගිය තරුණියගේ ජීවිතය බිලිගත් ළිඳ.. වරකාපොළින් ඇසුණු හද කම්පා කරවන අවාසනාවන්ත අනතුර..
Friday, 23 October 2026 - 17:39 | Views - 53

වරකාපොළ, අල්ගම, මදුරුපිටිය ප්රදේශයේදී තම අහිංසක සුරතල් බළලා බේරා ගැනීමට ගිය තරුණියක් අවාසනාවන්ත ලෙස ළිඳට වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි තරුණියක්.
නිවස පිටුපසින් බළලුන් කෑගසන ශබ්දය ඇසී මේ කුමක්දැයි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීයි ඇය දැක ඇත්තේ එක් සුරතල් බළලෙකු ළිඳට වැටී සිටින අයුරුයි.
වහාම ක්රියාත්මක වූ ඇය සිය පියාද කැටුව ළිඳ අසලට ගොස් ඇති අතර, බළලා සිටින ස්ථානය හරියටම බලා ගැනීම සඳහා සිය ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ළිඳට ආලෝකය යොමු කර තිබෙනවා.
පියා විසින් ලණුවක් ගැටගැසූ බාල්දියක් යොදා ගනිමින් සතාව ගොඩට ගැනීමට සූදානම් වන අතරතුර, ඇය ආලෝකය ලබා දීම සඳහා ළිඳ දෙසට නැමී සිට ඇති බව වාර්තා වුණා.
එහෙත්, කිසිවෙකුත් නොසිතූ මොහොතක ඇයගේ සමබරතාව ගිලිහී ළිඳ ඇතුළටම වැටී ඇති අතර, වැටෙන අවස්ථාවේදී ඇයගේ හිස ළිඳේ කොන්ක්රීට් කොටසක දැඩි ලෙස ගැටීමෙන් බරපතළ තුවාල සිදුව තිබෙනවා.
පසුව ඥාතියෙකුගේද දැඩි පරිශ්රමයෙන් ඇයව ළිඳෙන් ගොඩගෙනයාමට කටයුතු කළද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලිසිය පැවසුවා.
සුරතල් සතෙකු බේරා ගැනීමට ගොස් තරුණියකගේ ජීවිතය මෙලෙස අහිමි වීම ප්රදේශවාසීන් තුළත් මහත් කම්පාවක් ඇති කර තිබෙනවා.
Share This Article