ළදරු ආහාරවල සීනි තහනම් කිරීමට ඉන්දියාවෙන් යෝජනාවක්..
Wednesday, 21 October 2026 - 16:43 | Views - 39

මාස හය දක්වා වූ ළදරුවන් සඳහා වන ආහාර නිෂ්පාදනවලට සුක්‍රෝස් (sucrose) සහ ෆ්‍රක්ටෝස් (fructose) එකතු කිරීම තහනම් කිරීමට ඉන්දියානු ආහාර සුරක්ෂිතතා නියාමන අධිකාරිය යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙය ළදරු පෝෂණ නිෂ්පාදනවල එකතු කරන ලද සීනි භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමක්.

පවත්නා නීතිරීතිවලට අනුව, ළදරු පෝෂණ නිෂ්පාදන සඳහා ප්‍රමුඛ කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයන් ලෙස ලැක්ටෝස් (lactose) සහ ග්ලූකෝස් පොලිමර් (glucose polymers) භාවිතා වන අතර, අවශ්‍ය අවස්ථාවලදී නියමිත සීමාවන්ට යටත්ව සුක්‍රෝස් සහ ෆ්‍රක්ටෝස් එකතු කිරීමට අවසර තිබූ බවයි නියාමන අධිකාරිය පවසන්නේ.

මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව පුරා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි නීතිමය පියවර අතරතුරදීයි.

එහිදී නියාමකයින් විසින් ප්‍රදේශයේ ආපනශාලා සහ ප්‍රසිද්ධ අවන්හල්හි මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, ආහාර පැකට් මත අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ යෝජනාව හේතුවෙන් ඩොලර් බිලියන 100කට වඩා වටිනා එරට පැකට් කළ ආහාර කර්මාන්තය ද දැඩි බලපෑමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියානු ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය (FSSAI) ප්‍රකාශ කළේ, මෙම යෝජිත පියවරේ අරමුණ වන්නේ ළදරුවන් එකතු කළ සීනිවලට නිරාවරණය වීම අඩු කිරීම සහ ළමා තරබාරුකම හා බැඳුණු සෞඛ්‍ය අවදානම්වලට පිළියම් යෙදීම බවයි.

පවතින රෙගුලාසි මගින් උපතේ සිට මාස 24 දක්වා වූ ළමුන් සඳහා වන ළදරු පෝෂණ නිෂ්පාදනවල පෝෂණ සංයුතිය, ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතා ප්‍රමිතීන් සකස් කර ඇති බව ද එහි සඳහන්.

විශේෂයෙන් ළමුන් අතර ඉහළ යන තරබාරුකම පිළිබඳව ක්‍රියාකාරීන් සහ බලධාරීන්ගේ අවධානය යොමුව පවතිනවා.

'ලැන්සෙට්' (The Lancet) වෛද්‍ය සඟරාවේ පළවූ අධ්‍යයනයකට අනුව, 2021 වන විට ඉන්දියාවේ අධික බර සහිත හෝ තරබාරු වැඩිහිටියන් මිලියන 180 ක් සිටි අතර, එය 2050 වන විට මිලියන 450 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

FSSAI සහ ඇතැම් ප්‍රාන්ත නියාමකයින් මෑත මාසවලදී ආහාර සුරක්ෂිතතා පරීක්ෂණ දැඩි කර ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ දැඩි අවධානයක් දිනාගත් වැටලීම්වල ඡායාරූප සහ වීඩියෝ ඇතුළත් ප්‍රසිද්ධ තොරතුරු නිතිපතා නිකුත් කරනු ලබනවා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top