ශ්‍රී ලංකාවේ ප්‍රථම රුලං පිටි ඇඹරුම්හල විවෘත වෙයි
Wednesday, 21 October 2026 - 16:36 | Views - 38
ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම රුලං පිටි ඇඹරුම්හල පසුගියදා නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙය සමාගමේ මෙහෙයුම් කටයුතුවල ඉදිරි ගමනට සුවිශේෂී පියවරක් මෙන්ම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට වැදගත් දායකත්වයක් වනු ඇත.

2008 වසරේදී දේශීය පැස්ටා නිෂ්පාදනයේ පුරෝගාමීන්, ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ලෙස සිය ගමන ආරම්භ කරමින්, එහි ප්‍රමුඛතම සන්නාම වන රෝසා සහ මිලාන් හරහා ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ඉතාම හොඳ කීර්තිනාමයක් ගොඩනගාගෙන ඇත.

මෙලෙස උසස් මට්ටමේ පැස්ටා නිෂ්පාදනය කිරීමට ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්, නවීනතම ඉතාලි යන්ත්‍රෝපකරණ සහ Bühler තාක්ෂණය එක් කරගනී. එමගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට, පහසුවෙන් ලබාගත හැකි උසස් තත්ත්වයේ පැස්ටා වෙළඳපොළට එක්වෙයි.

මෙම නව රුලං පිටි ඇඹරුම්හල, සමාගමේ අනාගතය වෙනුවෙන් සිදු කළ ඉතාම වැදගත් ආයෝජනයකි. එය සමාගමේ සැපයුම තවත් ශක්තිමත් කරන අතර, දිවයින පුරා වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා උසස් තත්ත්වයේ පැස්ටා අඛණ්ඩව සැපයීමට ද රුකුලක් වේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ව්‍යාපාරික සාර්ථකත්වයෙන් ඔබ්බට ගොස්, දේශීයව රුලං පිටි ඇඹරුම් ක්‍රියාවලිය වර්ධනය කිරීම සහ ආනයනික අමුද්‍රව්‍ය මත යැපීම අවම කිරීම තුළින්, එය ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමට ද දායක වේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්, දියුණු ඉතාලි තාක්ෂණය සහ දේශීය නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවෙමින්, ඩයමන්ඩ් පැස්ටා සමාගම ශ්‍රී ලංකාවේ පැස්ටා කර්මාන්තය තවදුරටත් ඉහළ තලයකට ගෙන යයි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top