ප්‍රේමලාල් ජයසේකර දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් - “ඔහු රටේ නෑ” - නිතිපති කියයි
Wednesday, 21 October 2026 - 16:22 | Views - 42
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර දුටුතැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා‍ ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය එය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් වුණා.

අද (21) දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසූ විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් අධිකරණය නියම කළා.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කළ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

එම දඩුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණා.

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් මස 04 වනදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අද (21) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබූණා.

එහෙත් මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රේමලාල් ජයසේකර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර විදේශ ගතවී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දී තිබුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top