"සියලු සත්වයෝ සුවපත් වෙත්වා!" නිදහසේ පාද යාත්රාවේ භික්ෂූන්වහන්සේ ජනපති ලේකම් කාර්යලය ඉදිරියේ මෙත් වඩති
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාවේ’ පැමිණි භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිස් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ගසා කඳවුරු බදිමින් සිටිනවා.
මේ වන විට භික්ෂූන්වහන්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම අසුන්ගෙන සිටින අයුරු ද දක්නට ලැබෙනවා.
‘ඥානසාර හිමියන් නිදහස් කරනු - චීවරයට අත නොතබනු” මැයෙන් නිදහසේ පාද යාත්රාවට භික්ෂූන්වහන්සේ 3000කට අධික පිරිසක් සහභාගීවී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මෙම පාද යාත්රාව හයවැනි දිනට අද (15) කඩවත නගරයෙන් ආරම්භ කර කොළඹට පැමිණියා.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්රාව අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිටට පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
මේ වන විට මහා සංඝරත්නය ප්රමුඛ පාගමනේ පැමිණි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පිරිත් සජ්ජායනයක නිරතව වුණා.
‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා’ යැයි දේශනා කරමින් භික්ෂූන්වහන්සේ ‘මෛත්රී භාවනාව’ ද වැඩීම සිදුකළා.