"සියලු සත්වයෝ සුවපත් වෙත්වා!" නිදහසේ පාද යාත්‍රාවේ භික්ෂූන්වහන්සේ ජනපති ලේකම් කාර්යලය ඉදිරියේ මෙත් වඩති
Thursday, 15 October 2026 - 18:24 | Views - 42
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාවේ’ පැමිණි භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිස් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ගසා කඳවුරු බදිමින් සිටිනවා.

මේ වන විට භික්ෂූන්වහන්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම අසුන්ගෙන සිටින අයුරු ද දක්නට ලැබෙනවා.

‘ඥානසාර හිමියන් නිදහස් කරනු - චීවරයට අත නොතබනු” මැයෙන් නිදහසේ පාද යාත්‍රාවට භික්ෂූන්වහන්සේ 3000කට අධික පිරිසක් සහභාගීවී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම පාද යාත්‍රාව හයවැනි දිනට අද (15) කඩවත නගරයෙන් ආරම්භ කර කොළඹට පැමිණියා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාව අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිටට පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ වන විට මහා සංඝරත්නය ප්‍රමුඛ පාගමනේ පැමිණි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පිරිත් සජ්ජායනයක නිරතව වුණා.

‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා’ යැයි දේශනා කරමින් භික්ෂූන්වහන්සේ ‘මෛත්‍රී භාවනාව’ ද වැඩීම සිදුකළා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top