විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනා නොඑන ගමන් යැවූ ඛේදනීය අපරාධය.. රන් බඩු සහ සල්ලි කොල්ලකන්න කරපු වැඩක්ද?
හබරාදූව ගිනිගල ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී හමුවූ පහර දී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාගේ සිරුරු අද (08) පස්වරුවේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන ආවා.
ඒ ගාල්ල කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්‍ෂණ නිලධාරීන් පැමිණ අද පස්වරුවේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුවයි.
අවිවාහක විශ්‍රාමික ගුරුවරියන් වූ මෙම එකම පවුලේ සහෝදරියන් දෙදෙනා 81 හැවිරිදි සහ 87 හැවිරිදි වියේ පසුවුණා.
ඔවුන් තනිවම අදාළ නිවසේ වාසය කර ඇති අතර, ගලකින් පහරදී ඝාතනය කර සිරුරු නිවස පිටුපස දමා ගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.
මොවුන් දෙදෙනා විශාල දේපළක හිමිකාරිණියන් වන අතර, රන්භාණ්ඩ, මුදල් ඇතුළු දේපළ ලබා ගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.