අසල්වාසීන්ගේ අකටයුතුකම් මැද අහිංසක සතෙකුට සාධාරණය පතයි.. ඉත්තෑවෙකු මරා දැමූ පිරිස සෙවීමට තලංගම පොලිසියෙන් පරීක්ෂණ..
පසුගිය 03 වැනිදා අලුයම් කාලයේදී පැලවත්ත, පෙරේරා මාවතේදී ඉත්තෑවෙකු මරා රැගෙන ගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සිදුවීම අසල නිවසක ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති නමුත්, අදාළ ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය පැහැදිලිව දර්ශනය නොවී නොමැති බවයි සඳහන් වෙන්නේ.
මෙම ක්‍රියාමාර්ගයට සම්බන්ධ පිරිස් සඳහන් කරන්නේ, මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙක් අසල්වාසී නිවැසියන්ගෙන් සහාය ඉල්ලා සිටියද ඇතැම් නිවෙස්වලින් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
ජාතික සත්ව අයිතිවාසිකම් සභාගයේ (JAN) සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත්වීමෙන් පසුව, ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලීසියේ නිලධාරියෙකු එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ද පරීක්ෂණ සඳහා සහාය වීමට එම ස්ථානයට පැමිණ තිබෙනවා.මෙම අහිංසක සත්වයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීමට උත්සාහ කරන පිරිස් පෙන්වා දෙන්නේ, මෙලෙස ප්‍රමාද වීමෙන් වැදගත් සීසීටීවී දර්ශන මකා දැමී යාමට සහ වෙනත් සාක්ෂි විනාශ වීමට ඉඩ ඇති බවයි.