මෙට්‍රෝ බස් අනතුරට ලක් කරන පෞද්ගලික බස් බස් රථ රියදුරන්ට වැඩ වරදියි.. පොදු දේපළ පනත යටතේ නීතිය තදින්ම..
Friday, 09 October 2026 - 14:31 | Views - 30
මහජනතාවගේ ප්‍රවාහන පහසුව සහ කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා මාර්ග 7ක් ඔස්සේ සේවයේ යොදවා ඇති 'මෙට්‍රෝ' (Metro) බස් රථ හිතාමතා අනතුරට ලක්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

මහරගම පොලිස් ස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, පෞද්ගලික බස් රථ විසින් මෙට්‍රෝ බස් රථ ඉලක්ක කරගනිමින් අනතුරු සිදුකිරීමේ සිද්ධීන් කිහිපයක්ම නිරීක්ෂණය වී ඇති බවයි.

අතුරුගිරිය මිලේනියම් සිටි ආසන්නයේදී සහ රාජගිරියේදී මෙට්‍රෝ බස් රථ අනතුරට ලක් කළ පෞද්ගලික බස් රියදුරාට මගී ප්‍රවාහන බලපත්‍රයක් පවා නොතිබූ බවත්, මාකුඹුර ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක් කළ රියදුරා බීමත්ව සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා.

මීට අමතරව කැස්බෑව ප්‍රදේශයේදී මෙන්ම පසුගිය දිනවල බොරැල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී ද මෙවැනිම සිද්ධීන් වාර්තා වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මෙට්‍රෝ බස් රථ සඳහා මගීන් නැංවීමට මාර්ගයේ නැවැත්වීමට පවා ඉඩ නොදෙන තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්, කිහිපදෙනෙකු සංවිධානාත්මකව සිදුකරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළ අතර, මෙලෙස හිතාමතා අනතුරු සිදුකිරීම් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ සහ බලපත්‍ර නොමැතිව රිය පැදවීම සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි බරපතළ තත්ත්වයන් හමුවේ පොලීසිය ලෙස දැඩි පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top