ඉන්දුනීසියාවේ සුම්බාවා කලාපය සෙලවූ මහා භූමිකම්පාව.. රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයක්..
ඉන්දුනීසියාවේ සුම්බාවා (Sumbawa) කලාපය ආශ්‍රිතව අද (04) රිච්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූවිද්‍යා පර්යේෂණ සඳහා වන ජර්මානු මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරන්නේ, මෙම භූචලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක (සැතපුම් 6.21ක) පමණ නොගැඹුරු මට්ටමකින් හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.