ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම Amphibious යාත්‍රාව යුරෝපයට.. ශ්‍රී ලංකා නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක්..
Friday, 11 September 2026 - 20:25 | Views - 139
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරමින් යුරෝපයට අපනයනය කිරීමේ විශේෂ අවස්ථාව ඊයේ (10) පැවැත්වුණා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් මෙම ඓතිහාසික අවස්ථාව කොග්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේදී පැවැත්වුණා.

"ඕෂන් වොයේජර් ඉන්ටර්නැෂනල්" (Ocean Voyager International) සමාගම විසින් අතිනූතන තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම යාත්‍රාව, මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පුනරුදයක ආරම්භය සනිටුහන් කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳව සටහනක් තබමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ මෙවැනි අදහසක්.

''ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මැද පිහිටි අප රටට, කෙටි කාලීනව වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස බෝට්ටු සහ නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන තිබේ. අපගේ දක්ෂ ඉංජිනේරුවන්ගේ සහ සේවකයන්ගේ දායකත්වයෙන්, ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top