AI තාක්ෂණයෙන් ඉදිරි දශකයේදී මිනිස් සංහතියටම තර්ජනයක්ද? තාක්ෂණික ලෝකය කැළඹූ අලුත්ම හෙළිදරව්ව..
Thursday, 10 September 2026 - 15:45 | Views - 148
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත මිනිස් සංහතියේ පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ සම්භාවිතාව 10% කට වඩා වැඩි අගයක් ගන්නා බවට AI සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පර්යේෂණ පවත්වන ප්‍රමුඛ අමෙරිකානු සමාගමක ප්‍රධානියෙකු විසින් අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රකට AI පර්යේෂකයෙකු වන ඊවන් හුබිංගර් (Evan Hubinger) සිය නිල X (ට්විටර්) ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

දැනට ලෝකය පුරා භාවිත වන ඒ.අයි. මාදිලි මගින් මිනිසාගේ පැවැත්මට එල්ල වන සෘජු අවදානම සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද, දිනෙන් දින අතිශය සීඝ්‍රයෙන් වර්ධනය වන තාක්ෂණික ප්‍රවණතාවන් සහ මෙවලම් හමුවේ ඉදිරියේදී එම තත්ත්වය ඉතා උග්‍ර අතට හැරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෘත්‍රිම බුද්ධිය මගින් මිනිසාගේ වැඩකටයුතු පහසු කරන අතරතුරම, එය මිනිස් පාලනයෙන් ගිලිහී යාමේ ප්‍රවණතාවක් මතුවුවහොත් එය සමස්ත පෘථිවියේම පැවැත්මට මහා විනාශයක් ගෙන දිය හැකි බවට විද්‍යාඥයන් සහ තාක්ෂණික පර්යේෂකයන් මේ වන විටත් දැඩි ලෙස සංවාදයේ යෙදෙමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top