මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළට.. වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන්..
Monday, 07 September 2026 - 14:58 | Views - 166
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ අගයක් පෙන්නුම් කරන අතර, සැප්තැම්බර් මාසයේ ගෙවුණු මුල් දින හය තුළ දිවයින පුරා වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

සමස්ත රෝගී සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම අගය 20,527 ක් ලෙස සටහන් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මීට අමතරව, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා පවතින වර්ෂාපතනයත් සමඟ පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top