මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළට.. වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන්..
Monday, 07 September 2026 - 14:58 | Views - 17
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ අගයක් පෙන්නුම් කරන අතර, සැප්තැම්බර් මාසයේ ගෙවුණු මුල් දින හය තුළ දිවයින පුරා වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

සමස්ත රෝගී සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම අගය 20,527 ක් ලෙස සටහන් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මීට අමතරව, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා පවතින වර්ෂාපතනයත් සමඟ පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top