හිස්හොරි සඳහා ප්‍රතිකාර කරමු
Sunday, 04 November 2018 - 14:04 | Views - 3,258

හිස් හොරි යනු හිස් කබල මත හා හිසකෙස් මත දක්නට ලැබෙන සුදු පැහැති කැබැලි වැනි තත්ත්වයකි.වෛද්‍ය විද්‍යාවෙහි මෙම තත්ත්වය pityriabis  ලෙස හැඳින්වේ. හිස්හොරි තත්ත්වය දීර්ඝකාලීනව නොසලකා හැරීමෙන් හිසකෙස් හැලී යෑමේ හා හිසකෙස් සම්පූර්ණ වශයෙන් නැති වීම වුවද සිදු විය හැකියි. හිස්හොරි ඇති වීමට හේතු සාධක ලෙස දිලීර ආසාදන භෞතික හා රසායනික ක්‍රියාකාරකම් ද දැක්විය හැකිවෙයි.

හිස්හොරි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.එනම් වියළි හිස්හොරි සහ තෙල් සහිත හිස්හොරි වශයෙනි.

වියළි හිස්හොරි

හිස් කබල මතු පිට සම වියළී ඇති අවස්ථාවක මෙම හිස්හොරි දැකිය හැකිවෙයි. වියළි හිස්හොරි පොතු වශයෙන් ගැලවී ඉවත් වන අතර, උරහිස් මත ද කැබලි වශයෙන් දක්නට ලැබෙයි. මෙම හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ ප්‍රතිකාර කළ හැකිය.

වියළි හිස්හොරි ඇතිවීමට බලපාන සාධක.

  • හිස මතු පිට රුධිර සංසරණය අඩුවීම.
  • මඳ ස්නායු සන්වේදනය.
  • අඩු පෝෂණ තත්ත්වයන්.
  • මානසික ආතතිය.
  • හිස්කබල මත පවතින අපිරිසිදු බව, අධි සාන්ද්‍රණයකින් යුත් ෂැම්පෝ භාවිතය හා හිස හොදින් නොසේදීම.

 

තෙල් සහිත හිස්හොරි

බොහෝවිට  තෙල් සහිත සමක් ඇති කෙනෙකුගේ මෙම වර්ගයේ හිස්හොරි දක්නට ලැබෙයි. හිස්කබල මතු පිටද දැඩි තෙල් සහිත බවක් පෙනෙන්නට ඇත. හිස මතු පිට ඝනකම් සුදු පැහැති තට්ටුවක් ලෙස මෙම හිස්හොරි පවතියි. බොහ විට ඒවා සීබම් සමග මිශ්‍ර වී සමට ඇලී ඇති ස්භාවයක් පෙන්වයි.‍ මේවා කැඩීමෙන් හිස්කබල තුවාල වී ලේ ගැලීමක් වුවද සිදුවිය හැකියි. සමහර අවස්ථාවලදී කන් තුළ පවා දක්නට ලැබේ. මෙම තත්ත්වයේ හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ ප්‍රතිකාර කළ නොහැකි අතර, සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වෙයි. මෙය පහසුවෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමේ හැකියාවක් ද පවතී. ( තුවා, පනා, ඇද ඇතිරිලි ආදිය මඟින් ).

 

තෙල් සහිත හිස්හොරි ඇතිවීමට හේතුව කුමක්ද?

  • ස්නේහ ග්‍රන්ථීවල ක්‍රියාකාරිත්වය.
  • දිලීර ආසාදන
  • විවිධ රෝගී තත්ත්වයන්
  • මානසික ආතතිය.

හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ සිදු කරනු ලබන ප්‍රතිකාර

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නම්,

Anxi-Dandruff Shampoo, Scalp Wmulsion, Facial Scrub, Dandruff Treatment Cream, High Freqency උපකරණය.   Hair Dryer.

  • හිස පිරිසිදු කිරීම ( අවශ්‍ය නම් පමණකි)
  • Scrub කිරීම මඟින් හිස්කබල මතුපිට ඇති මැරුණු සම ඉවත් කිරීම.
  • Scalp Cream ආලේප කිරීම හා සම්බාහනය Steam කිරීම.
  • Shampoo කිරීම.
  • High Freqency උපකරණ භාවිතය.

Anti Dandruff Treatment Cream ආලේප කිරිම.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top