
හිස් හොරි යනු හිස් කබල මත හා හිසකෙස් මත දක්නට ලැබෙන සුදු පැහැති කැබැලි වැනි තත්ත්වයකි.වෛද්‍ය විද්‍යාවෙහි මෙම තත්ත්වය pityriabis ලෙස හැඳින්වේ. හිස්හොරි තත්ත්වය දීර්ඝකාලීනව නොසලකා හැරීමෙන් හිසකෙස් හැලී යෑමේ හා හිසකෙස් සම්පූර්ණ වශයෙන් නැති වීම වුවද සිදු විය හැකියි. හිස්හොරි ඇති වීමට හේතු සාධක ලෙස දිලීර ආසාදන භෞතික හා රසායනික ක්‍රියාකාරකම් ද දැක්විය හැකිවෙයි.
හිස්හොරි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.එනම් වියළි හිස්හොරි සහ තෙල් සහිත හිස්හොරි වශයෙනි.
වියළි හිස්හොරි
හිස් කබල මතු පිට සම වියළී ඇති අවස්ථාවක මෙම හිස්හොරි දැකිය හැකිවෙයි. වියළි හිස්හොරි පොතු වශයෙන් ගැලවී ඉවත් වන අතර, උරහිස් මත ද කැබලි වශයෙන් දක්නට ලැබෙයි. මෙම හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ ප්‍රතිකාර කළ හැකිය.
වියළි හිස්හොරි ඇතිවීමට බලපාන සාධක.
තෙල් සහිත හිස්හොරි
බොහෝවිට තෙල් සහිත සමක් ඇති කෙනෙකුගේ මෙම වර්ගයේ හිස්හොරි දක්නට ලැබෙයි. හිස්කබල මතු පිටද දැඩි තෙල් සහිත බවක් පෙනෙන්නට ඇත. හිස මතු පිට ඝනකම් සුදු පැහැති තට්ටුවක් ලෙස මෙම හිස්හොරි පවතියි. බොහ විට ඒවා සීබම් සමග මිශ්‍ර වී සමට ඇලී ඇති ස්භාවයක් පෙන්වයි. මේවා කැඩීමෙන් හිස්කබල තුවාල වී ලේ ගැලීමක් වුවද සිදුවිය හැකියි. සමහර අවස්ථාවලදී කන් තුළ පවා දක්නට ලැබේ. මෙම තත්ත්වයේ හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ ප්‍රතිකාර කළ නොහැකි අතර, සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වෙයි. මෙය පහසුවෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමේ හැකියාවක් ද පවතී. ( තුවා, පනා, ඇද ඇතිරිලි ආදිය මඟින් ).
තෙල් සහිත හිස්හොරි ඇතිවීමට හේතුව කුමක්ද?
හිස්හොරි සඳහා රූපලාවණ්‍යාගාරයක් තුළ සිදු කරනු ලබන ප්‍රතිකාර
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නම්,
Anxi-Dandruff Shampoo, Scalp Wmulsion, Facial Scrub, Dandruff Treatment Cream, High Freqency උපකරණය. Hair Dryer.
Anti Dandruff Treatment Cream ආලේප කිරිම.
65 Views
96 Views
259 Views
157 Views
129 Views
139 Views
148 Views
141 Views
111 Views
179 Views
125 Views
135 Views
210 Views
239 Views
701 Views
96 Views
83 Views
77 Views
54 Views
52 Views