ඔලුවේ කැක්කුමෙන් මිදෙන්න මඟ මෙන්න
Sunday, 04 November 2018 - 11:14 | Views - 3,662

ඔලුව කැක්කුම් කියන්නෙ කිය කිය එන දේවල් නෙමෙයි. වෙලාවට කන්න වෙන්නෙ නැති නිසා, ස්ට්‍රෙස් නිසා, නිදිමත නිසා, අවුවෙ ගිය නිසා වගේ විවිධ හේතු නිසා ඔලුවෙ කැක්කුම් එනවා. මේ කියන්නෙ ඒ පොඩි පොඩි ඔලුවෙ කැක්කුම් ගොඩදාගන්න විදි ටිකක්. එහෙම නැතුව ඔලුව කැක්කුම ගැන හිත හිත වැඩ මගඇරගන්න ඕන නැහැනෙ.
බෙල්ල
බෙල්ල පිටිපස්ස කොණ්ඩෙ ඉවරවෙන තැනින් දබර ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකැවෙන විදියට මසාජ් කරන්න
වතුර
ඇල්කොහොල් ජාති, කෝපි, සීනි තියෙන බීම ජාති බිවුවට විජලනය නොවෙන්නෙ නෑ . ඒ නිසා වතුර ටිකක් බිවුවත් ඕක හරියන්න පුළුවන්.
නළල
ඇස්වලට ඉහලින් ඇහිබැම ඉවර වෙන තැන නළල උඩට කැරකෙන විදියට ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න
පෙපර්මින්ට්
පුංචි මින්ට් ටොෆියක් එක්ක වතුර ටික ටික බොන්න. පෙපර්මින්ට් වුනත් මරු. පෙපර්මින්ට් තෙල් කියන්නෙත් නියම විසඳුමක්. පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු පිටුපසයි කම්මුල් වලයි ආලේප කරගන්න. ඊට පස්සෙ රිලැක්ස් වෙලා ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගැනීමක යෙදෙන්න
සැළකිය යුතුයි - ඉහත ප්‍රතිකර්ම වලින් සහනයක් නොලැබෙන දිගින් දිගටම පවතින හිසේ කැක්කුමකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩා සුදුසුයි.
Share This Article