ලොව පුරා සිනමාලෝලීන් මගබලා සිටි දැවැන්ත පෙරළිය.."රාමායණය" ගැන ලෝකයම කතාකරන වෙනස්ම කතාවක් මෙන්න..
Friday, 31 July 2026 - 13:12 | Views - 48
ලොව පුරා සිනමාලෝලීන් වසර ගණනාවක් තිස්සේ මගබලා සිටි නිටේෂ් තිවාරිගේ (Nitesh Tiwari) දැවැන්ත "රාමායණය" (Ramayana) සිනමා පටයේ නිල ට්‍රේලරය ඊයේ අලුයම නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළා.

මිනිත්තු 4 යි තත්පර 9 ක් පුරා දිවෙන මෙම ට්‍රේලරය මගින් රමණීය සුන්දරත්වයේ සිට ලංකාපුරයේ අසදෘශ බලය දක්වාත්, රාම් කුමරුගේ වනවාසයේ සිට රාම් - රාවණා අතර ඇතිවන මහා සංග්‍රාමය දක්වාත් වූ දර්ශන පෙළක් ප්‍රේක්ෂකයා හමුවට තබා තිබෙනවා.

මෙම සිනමාපටයේ රාම් කුමරුගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු රන්බීර් කපූර් විසිනුයි. ට්‍රේලරයේ මුල් භාගයේදී සාමකාමී හා ධාර්මික රාම් කුමරුවෙකු ලෙස පෙනී සිටින ඔහු, පසුව තම පවුල වෙනුවෙන් සටන් වදින ප්‍රබල යෝධයෙකු බවට පරිවර්තනය වන අයුරු දැකගත හැකියි.

ට්‍රේලරය නිකුත් වීමත් සමඟම සමාජ මාධ්‍ය පරිශීලකයින් රන්බීර්ගේ රංගනය අගය කරමින් ඔහුව "RAMbir" ලෙස හඳුන්වනු ලැබුවා.

එමෙන්ම ට්‍රේලරයේ වැඩිම අවධානයක් දිනාගත් කොටස වන්නේ KGF සුපිරි තරුව වන යෂ් (Yash) ඉදිරිපත් කරන රාවණාගේ චරිතයයි. අන්ධකාරයෙන් මතුවන පළමු දර්ශනයේ සිටම යෂ්ගේ තියුණු නෙත් බැල්ම, ගාම්භීර හඬ සහ රාජකීය විලාසය රසිකයින් වශී කර ගැනීමට සමත් වූ බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයටද තේරුම් ගත හැකි පරිදි රාවණාගේ මානුෂීය ස්වභාවය පෙන්වීමට උත්සාහ කළ බව යෂ් මීට පෙර ප්‍රකාශ කළා.

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළි සායි පල්ලවී (Sai Pallavi) සීතා දේවියගේ චරිතයට ජීවය දෙන අතර, රාම් සහ සීතා අතර ඇති ප්‍රේමය මෙන්ම ඔවුන් මුහුණ දෙන අභියෝගද ට්‍රේලරයට විශාල සංවේදී බවක් එක් කර තිබෙනවා.

ඊට අමතරව රවී දුබේ, සනී ඩියෝල්, අරුන් ගෝවිල්, ලාරා දත්තා සහ කාජල් අගර්වාල් ඇතුළු දැවැන්ත නළු නිළියන් පිරිසක් මීට රංගනයෙන් දායක වන බව දැනුම් දුන්නා.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම චිත්‍රපට දෙක සඳහාම වෙන් කර ඇති මුළු නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් (ඉන්දීය රුපියල් කෝටි 4,000 ක් පමණ) වන බව වාර්තා වනවා.

ඒ අනුව මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ වඩාත්ම වියදම් අධිකම සිනමා ව්‍යාපෘතිය බවට පත්වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top