ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි. මෙවර කිසිදු නිර්මාණයක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්..
Friday, 31 July 2026 - 9:38 | Views - 135
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා කිසිදු ගීතයක් හෝ ඇල්බමයක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් ඔවුන් ගත් මෙම තීරණය පිළිබඳව මේ වනවිට ලොව පුරා රසිකයින්ගේ සහ විචාරකයින්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

ග්‍රැමී සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලය වන 'රෙකෝඩින් ඇකඩමිය' (Recording Academy) මගින් හඳුන්වා දෙනු ලැබූ නවතම Best Asian Pop Music Performance නැමැති සම්මාන කාණ්ඩයට එරෙහිව BTS කණ්ඩායම මෙම පියවර ගත් බව වාර්තා වනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් BTS කණ්ඩායමේ සාමාජිකයන් සිය නිල Instagram ගිණුම් හරහා අදහස් දැක්වීමට කටයුතු කළා. මෙවර ග්‍රැමී සම්මාන උළෙලට ඇතුළු නොවීමට තමන් තීරණය කළ බවත්, සංගීතය ප්‍රදේශවලට හෝ භාෂාවන්ට බෙදා වෙන් කරනු වෙනුවට එය පවතින ආකාරයෙන්ම ශ්‍රවණය කිරීමට සහ ආදරය කිරීමට ලක්විය යුතු බව ඔවුන් සඳහන් කළා.

ග්‍රැමී සංවිධායකයන් විසින් මෙම නව කාණ්ඩය හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියාව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් ප්‍රදේශවලින් බිහි වන ආසියානු පොප් සංගීතය ඇගයීම සඳහා බව සංවිධායකයින් ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, මෙය ආසියානු කලාකරුවන් සෙසු බටහිර කලාකරුවන්ගෙන් වෙන් කොට වෙනම රාමුවකට සීමා කිරීමක් බවට විචාරකයින් සහ රසිකයන් මත පළ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top