ලොව දැවැන්තම සමාගම් දෙකක් ඒකාබද්ධ වීමේ සලකුණු.. එලොන් මස්ක්ගේ ප්‍රකාශයෙන් පසු විශ්ලේෂකයින් කියන කතාව...
Thursday, 23 July 2026 - 16:36 | Views - 40
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන සමාගම සහ ඩොලර් ට්‍රිලියනයකට වඩා වටිනාකමකින් යුත් සිය අනෙක් සමාගම වන SpaceX අතර පවතින සබඳතාවන් වර්ධනය වන බව ප්‍රකාශ කළා. එම සමාගම් දෙක එකතු වීමේ හැකියාව මුළුමනින්ම ඉවත් නොකර ඒ පිළිබඳ අනුමානයන් නැවතත් කරළියට ගෙන ඒමට ඔහු කටයුතු කර තිබෙනවා.

"SpaceX සමාගම සමග බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ සිදුවන සහයෝගිතාවලින් පැහැදිලි වන පරිදි, සමාගම් දෙක අතර එකිනෙක මත පදනම් වූ කටයුතු වඩ වඩාත් වැඩි වෙනවා," යනුවෙන් ටෙස්ලා හි ආදායම් වාර්තාව පිළිබඳ සාකච්ඡාවේදී මස්ක් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ආදායම් වාර්තාවක් සාකච්ඡා කරන අවස්ථාවක සමාගම් ඒකාබද්ධ කිරීම් වැනි දේවල් ගැන කතා කිරීමට නොහැකි බවත්, ඒ සඳහා නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරි වසර කිහිපය තුළ මෙම සමාගම් දෙක එකිනෙක හා සම්බන්ධ වීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම සාකච්ඡාවෙන් පසු තමාට තහවුරු වූ බව ටෙස්ලා සමාගමේ ආයෝජකයෙකු වන ඩීප්වෝටර් ඇසෙට් මැනේජ්මන්ට් හි කළමනාකාර සහකරු ජීන් මුන්ස්ටර් පෙන්වා දුන්නා.

ස්පේස්එක්ස් හි ඇතැම් ව්‍යාපෘති සඳහා ටෙස්ලා සමාගම දැනටමත් බැටරි සහ නිෂ්පාදන තාක්ෂණය ලබා දෙන අතර, AI චිප්ස් නිෂ්පාදනය සඳහා වන 'ටෙරාෆැබ්' (Terafab) නම් අර්ධ සන්නායක නිෂ්පාදන මධ්‍යස්ථානය ද මොවුන් දෙපිරිස එක්ව සංවර්ධනය කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

JPMorgan විශ්ලේෂකයින්ද පෙන්වා දෙන්නේ මෙම ආයතන දෙක අතර මෙහෙයුම් සම්බන්ධතාවය දැනටමත් ඉතා දැඩි ලෙස පවතින බවයි. ස්පේස්එක්ස් හි සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ග්වින් ෂොට්වෙල් ද මීට පෙර මෙහි ඇති වාසි පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එවැනි ඒකාබද්ධ වීමකදී ප්‍රබල බාධා එල්ල විය හැකි බවට අනෙක් පිරිස අනතුරු අඟවනවා. විශේෂයෙන්ම SpaceX හි අමෙරිකානු රජයේ සබඳතා නිසා ඇතිවන ජාතික ආරක්ෂක ගැටලු හේතුවෙන් චීනය වැනි රටවලින් නියාමන අනුමැතීන් ලබා ගැනීමේදී ප්‍රායෝගික බාධා ඇතිවිය හැකි බව JPMorgan ආයතනය පෙන්වා දෙනවා.

එසේම, ටෙස්ලා සමාගමට වඩා ස්පේස්එක්ස් හි මස්ක් සතුව විශාල ඡන්ද බලයක් පවතින අතර, එය ටෙස්ලා හි පොදු කොටස් හිමියන්ගේ පාලන තීරණ සංකීර්ණ කිරීමට හේතුවක් විය හැකි බවද විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top