අධික උණුසුමෙන් පරිස්සම් වෙන්න... දිස්ත්‍රික්ක 5ක ජනතාවට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අතිශය වැදගත් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
නැගෙනහිර පළාත ඇතුළුව දිස්ත්‍රික්ක පහක් සඳහා අද (20) දිනට බලපැවැත්වෙන පරිදි මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය නිකුත් කිරීමට ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගත්තා.
මෙම අවවාදාත්මක නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා ද දැඩි උණුසුම් කාලගුණයක් පවතිනවා.
දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඇතැම් ස්ථානවල "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අධික උණුසුම හේතුවෙන් විජලනය, සිරුර අධික ලෙස වෙහෙසට පත්වීම සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා. එම නිසා මහජනතාව මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම දිගු වේලාවක් සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීමෙන් වැළකී සිටීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ දිනයේ වැඩිම උණුසුමක් පවතින වේලාවන්හිදී වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය හා කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.