ලංකාවේ ඩෙංගු රෝගීන් 74,000 පනියි.. ඩෙංගු මරණවලින් සියයට 70ක්ම කාන්තාවන් බව හෙළි වෙයි...
දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු මරණවලින් සියයට 70ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ 53න් 37 දෙනෙකුම කාන්තාවන් බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පෙන්වා දුන්නා.
මෙලෙස කාන්තා මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඔවුන් රෝගී වූ විට අවශ්‍ය විවේකය නොගෙන දිගින් දිගටම නිවෙස්වල වැඩකටයුතුවල නිරත වීමයි.
එමෙන්ම ඩෙංගු වැනි බරපතළ රෝගී තත්ත්වයන් හමුවේ ගස්ලබු කොළ යුෂ හෝ පාරම්පරික අත්බෙහෙත් අත්හදා බැලීම අතිශය අවදානම් සහගත බවත්, එවැනි ප්‍රමාදයන් නිසා අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි දරුණු සංකූලතා ඇති වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නවතම වාර්තාවලට අනුව දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478ක් වන අතර පසුගිය ජූලි මාසයේදී පමණක් රෝගීන් 19,100ක් වාර්තා වුණා.
මේ වන විට ඩෙංගු 2වැනි වෛරස් ප්‍රභේදය බහුලව ව්‍යාප්ත වන බැවින්, උණ රෝග ලක්ෂණ මතු වූ වහාම අත්බෙහෙත් ගැනීමෙන් වැළකී පැරසිටමෝල් පමණක් භාවිතා කරමින් දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.