දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක් හදිසියේ ගිනිබත් වෙයි.. කොට්ටාව සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවල දැඩි වාහන තදබදයක්...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම යන ප්රදේශ අතරතුරදී මගී ප්රවාහන බස් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
අද (19) සවස සිදු වූ මෙම අනපේක්ෂිත ගිනි ගැනීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය ප්රකාශ කළා.
ගින්න හටගත් අවස්ථාවේදී බස් රථය තුළ සිටි මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ගින්න නිවීම සඳහා අදාළ අංශ කඩිනම් පියවර ගත්තා. මෙම අනතුර හේතුවෙන් එම මාර්ග කොටස භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද බලධාරීන් දැනුම් දුන් බව අප වාර්තාකරු සඳහන් කළා.