බිත්තර කර්මාන්තය දැඩි අර්බුදයක.. හෙට සිට ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.
හෙට (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළා. අද (19) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මෙම තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කළා.
බිත්තර මිල මෙලෙස ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බව ද සභාපතිවරයා එහිදී අවධාරණය කළා.
ලංකාවට ඉරිඟු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයේ අවශ්‍යතාවලට ප්‍රමාණවත් නොවන බව සරත් රත්නායක පෙන්වා දුන්නා.
සත්ත්ව ආහාර සඳහා ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
එම තත්ත්වය මත මෙරට සමස්ත බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටුණු බව සභාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවට ද සංගමයේ සභාපතිවරයා චෝදනා කළා.
මේ හේතුවෙන් ගොවීන්ට දැඩි මූල්‍යමය පාඩු සිදුව ඇති අතර, දෛනික බිත්තර නිෂ්පාදනය ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.
අදාළ බලධාරීන් මෙම ගැටලු පිළිබඳව දැනුවත්ව සිටිය ද, ඒ සඳහා මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව සරත් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.