විශ්වවිද්‍යාල ඩෙංගු මර්දනයට දැවැන්ත පියවරක්.. නව සම්මත මාර්ගෝපදේශ මාලාව හෙට සිට ක්‍රියාත්මකයි..
Sunday, 19 July 2026 - 19:28 | Views - 70
මෙරට සියලුම විශ්වවිද්‍යාල පද්ධතිය ඉලක්ක කරගනිමින් ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙම සුවිශේෂී මාර්ගෝපදේශ පද්ධතිය හෙට (20) දින නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, ආසාදිත රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වා දීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණක් වෙනවා.

අධ්‍යයන අංශ තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය දිනවල දිවයිනේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල කිහිපයක්ම තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාවට නැංවීම තුළින් ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට අපේක්ෂා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top