හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි.
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය හිරු මෙගා බ්ලාස්ට් අති දැවැන්ත වින්දනාත්මක අත්දැකීම සුවහසක් ප්‍රේක්ෂක ජනතාව වෙත යළිත් තිළිණ කරන්නට මෙරට අංක එකේ වැජඹෙන හිරු, ඊයේ (18) සමත් වුණා.
ඒ, හිරු මෙගා බ්ලාස්ට් රයිගම්පුර සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්.
හිරුගේ ආදරණීය 28 වැනි සාංවත්සරික තිළිණය ලෙස පිරිනැමුණු මෙම සජීවි අත්දැකීම විඳ ගැනීමට සුවහසක් ප්‍රේක්ෂකයින්ගෙන් හොරණ නගර සභා ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියේ හිරු මෙරට වින්දනාධිපතිම බව යළිත් තහවුරු කරමින්.
ශ්‍රී ලාංකේය එළිමහන් ප්‍රාසාංගික කලාව ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ඔසවා තැබූ හිරු මෙගා බ්ලාස්ට් මෙවර රයිගම්පුර ප්‍රේක්ෂකාගාරය වෙත එම ජාත්‍යන්තර අත්දැකීම රැගෙන ගියේ හිරුගේ 28 වැනි සංවත්සරය වෙනුවෙන් හිරු ප්‍රේක්ෂකයින්ට පිදෙන ආදරණීය තිළිණයක් ලෙසින්.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නිර්මාණාත්මක සංකල්පයක් මත බිහි වූ හිරු මෙගා බ්ලාස්ට් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමේ රයිගම්පුර සම්ප්‍රාප්තිය සිදුවුණේ සුවහසක් ප්‍රේක්ෂක ආකර්ෂණය මධ්‍යයේයි.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විශ්මිත ආලෝක රටාවන්ගෙන් සහ ලොව උසස්ම අද්විතීය තාක්ෂණයෙන් යුත් ශබ්ද පරිපාලනයෙන් හැඩ වෙමින් හිරුගේ අති දැවැන්ත ප්‍රාසාංගික සජීවි මියැසි අත්දැකීම සංගීතයෙන් අමන්දානන්දයට පත් කළේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ FLASHBACK සංගීත කණ්ඩායමයි.
ෆ්ලෑෂ් බැක් සංගීතයෙන් වේදිකාව කුල්මත් වෙද්දී හිරු මෙගා බ්ලාස්ට් ජාත්‍යන්තර වේදිකාව නර්තනයෙන් හැඩ කළේ නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායමයි.
මෙවර හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේ සේනානායක වේරලියද්ද, චන්දන ලියනාරච්චි, භාතිය - සංතුෂ්, ඉරාජ් වීරරත්න, යොහානි, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, කවීෂ කවිරාජ්, චාමර රණවක, හනා ශෆා සහ සෙන්ටිග්‍රේඩ් ඇතුළු ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ හඬින් හැඩ වුණේ හිරු මෙගා බ්ලාස්ට් වේදිකාව උත්කර්ෂයට නැංවෙමින්.
සියයට 100ක් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වුණු හිරු මෙගා බ්ලාස්ට් ප්‍රාසාංගික අත්දැකීම හොරණ නගර සභා ක්‍රීඩාංගනයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තාගත සංගීතලෝලීන් සංඛ්‍යාවකගෙන් පිරී ඉතිරී ගියේ හිරු වෙත මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව තබා ඇති විශ්වාසය කෙතරම්ද කියා යළි යළිත් තහවුරු කිරීමේ ප්‍රබල සාක්ෂියක් ලෙසයි.