"මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි මම නම් ඉන්නේ" අගමැතිනි හරිනි අමරසූරිය කියූ කතාව..
Saturday, 18 July 2026 - 18:12 | Views - 28
වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියන්නේ නිතරම සරල, සුහදශීලී වගේම සමාජයේ විවිධ ක්ෂේත්‍ර ගැන සංවේදීව කතා කරන චරිතයක්.

මෙන්න මේ ළඟදී ඇය සහභාගී වුණු සුවිශේෂී උත්සවයකදී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන වගේම අපූරු රහසක් ප්‍රසිද්ධියේම හෙළි කරලා තිබුණා.

ඊයේ (17) පැවති සුරතල් සතුන් පිළිබඳ පශු වෛද්‍ය සංගමයේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අපූරු ඉල්ලීමක් කළා. ඒ තමයි, අප අවට ජීවත්වන සුරතල් සතුන්ට වගේම වීදි සතුන්ටත් ආදරය සහ කරුණාව දක්වන්න කියන එක.

එහිදී තමන්ගේ නිවසේ සිටින සුරතල් සතුන් ගැන සිනහමුසු මුහුණින් අගමැතිනිය දැක්වූ අදහස් රසිකයන්ගේ වගේම කාගේත් අවධානය දිනාගන්න සමත් වුණා.

"සුරතල් පූසන් ඉන්න අය දන්නවා, අපි පූසන්ගේ අයිතිකාරයෝ නම් නෙවෙයි. අපි ඔවුන්ගේ සේවකයෝ. මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි මම නම් ඉන්නේ. අපේ ගෙවල්වල සතුන් ගැන විතරක් නෙවෙයි වීදි සතුන් ගැනත් අපි විශේෂ අවදානයක් යොමුකරන්න ඕනි. ඒක අපි සියළුදෙනාගේ වගකීමක්."
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top