ලංකාවේ ඩෙංගු අවදානම මැඩපවත්වන්න කොරියානු දූත පිරිසක් දුන් සක්‍රීය දායකත්වය.. ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ මෙහෙයුමේ විස්තර මෙන්න.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම වේගයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙම අවදානම් තත්ත්වය මැඩපැවැත්වීමේ සහ පාලනය කිරීමේ සෘජු අරමුණින් යුතුව කොරියානු ජාතිකයන්ගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
ඔවුන් ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා මේ වන විට සක්‍රීයව තම දායකත්වය ලබා දී අවසන්.
මෙම විශේෂ මෙහෙයුම් වැඩසටහන හරහා ප්‍රදේශයේ මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති සියලුම අවදානම් ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගත්තා. එමෙන්ම, ඉදිරියටත් පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් උනන්දු කරවීමට සහ ඔවුන්ව පුළුල් ලෙස දැනුවත් කිරීමට ද මෙම දූත පිරිස කටයුතු කළා.