අද රාත්‍රියේ හොරණ නගරයම හොල්ලන දැවැන්තම ප්‍රසංගය.. ‘‘හිරු මෙගා බ්ලාස්ට්’’ සාංවත්සරික අත්දැකීම අදයි..
Saturday, 18 July 2026 - 14:35 | Views - 48
ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගා බ්ලාස්ට්’’ සාංවත්සරික ප්‍රසංගය අද (18) රාත්‍රියේ හොරණ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.

විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සුවිශේෂී සංගීත රටාවන්ගෙන් හැඩ කරන්නේ ප්‍රකට ‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත කණ්ඩායමයි. එමෙන්ම, නිරෝෂා තලගල ප්‍රමුඛ ‘‘යූ ඩාන්සර්’’ නර්තන කණ්ඩායම විසින් හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගය විචිත්‍රවත් නර්තනයන්ගෙන් හැඩ ගැන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රසංගය සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන් වන භාතිය - සන්තුෂ්, චන්දන ලියනාරච්චි, යොහානි ද සිල්වා, හනා ෂෆා, ඉරාජ් වීරරත්න, චාමර රණවක, සේනානායක වේරලියද්ද, දිනේෂ් ගමගේ, කවීෂ කවිරාජ්, කයිසර් කයිස් සහ සෙන්ට්‍ර්ග්‍රේඩ්ස් ඇතුළු තවත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ තරු රැසක් එක්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top