ගොටු කොළ කියලා රැවටේවි.. කන්නේ බලාගෙන.. ආක්‍රමණශීලී ශාකයක් ගැන ඔබ දැනගත යුතුම කතාවක් මෙන්න..
Friday, 17 July 2026 - 16:38 | Views - 31
අප බොහෝවිට ආහාරයට ගන්නා පලාවර්ග ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් එක් කතාවක් ගැනයි.

ජලාශ්‍රිත ස්ථානවල මෙන්ම වියළි බිමේ ද පැතිර යන ගොටු කොළවලට සමාන ආක්‍රමණශීලී විය හැකි ශාකයක් මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනසඳහන් කරනවා.

ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙම ශාකයේ පත්‍ර කුඩයක හැඩයකින් දක්නට හැකි බව හා පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර දාරය යම් තරමක ගොටු කොළ ශාකයේ පත්‍ර මෙන් රැළි සහිත පත්‍ර නිරීක්ෂණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේ මේ වගේ කතාවක්,

මෙම ශාක වර්ගය මෙරටදී "රට ගොටු කොළ" කොරියන් ගොටු කොළ හෙවත් 'මිනි ලෝටස් (Mine Louts) යන නම් වලින් හඳුන්වන ලබයි. විසිතුරු මත්ස්‍යාගාර සහ පොකුණු තුළ වගා කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති මෙම ශාකය මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ති වෙලා. ඊට අමතරව ඇතැම් පිරිස් එල්ලෙන පෝච්චි තුළ විසිතුරු ශාකයක් ලෙස මෙම ශාක වර්ගය වගා කර තිබෙනවා.

ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙම ශාකයේ පත්‍ර ඡත්‍රාකාර හෙවත් කුඩයක හැඩයකින් දක්නට හැකියි. පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර, දාරය යම් තරමක රැළි වැටී ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැකියි. පත්‍රයේ යටි පැත්තට නටුව සම්බන්ධ වී ඇති අතර, වේගයෙන් පැතිර යන මෙම ශාකය පසෙහි ඇති බැර ලෝහ විශාල වශයෙන් අවශෝෂණය කර ගන්නා බවට හඳුනා ගෙන තිබෙනවා.

ඇතැම් පිරිස් ගොටු කොළ යැයි සිතා මෙම පත්‍ර ආහාරයට ගැනීම සිදු කරනවා. නමුත් අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කර ගන්නා නිසා මෙම ශාක වර්ගය ආහාරයට නුසුදුසු බවයි අපගේ අදහස.

මෙම ශාකය අධික වේගයෙන් වර්ධනය වීම සහ භූමිය වසා ගෙන පැතිර යෑම නිසා ඉදිරියේදී අක්‍රමණශීලී වීමට ඉඩ තිබෙනවා.

වර්තමානයේ තම පොකුණු වල එහෙමත් නැත්නම් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා කිසියම් අයකු මෙම ශාක වර්ගය යොදා ගන්නේ නම් කුමන හේතුවක් නිසා හෝ ඒවා පරිසරයට මුදා නොහැරීමට ද වග බලා ගත යුතු වෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top