අපේ ජිවීතයේ වැදගත්ම සාධකයක් තමයි තමන්ගේ උස කියන්නේ. උස මදිකම නිසා බොහෝ වෙලාවට අපහසුතාවයට පත්වන්නේ තරුණයන්. තමන්ගේ රැකියාව කරන ස්ථානයේ ඉදිරියට යෑමට හෝ රැකියාව කිරිමට අපහසු වීම, නැතිනම් යහළුවන් විහිළු කිරීම වැනි බොහෝ දේ නිසා තරුණයන් අපහසුතාවයට පත්වේ. මේ ගැටළුව තරුණයන්ට පමණක් නොව තරුණියන්ටද බලපාන බොහෝ අවස්ථා ඇත.
මේ ලිපියෙන් කියවෙන්නේ ඔබට අඟල් 3-4ක් පහසුවෙන් උස යන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.
පළමු ක්රමයපහත රූපයේ 1 සටහනේ දැක්වෙන ආකාරයට සමතලා බිමක වැතිරී කකුල් දෙක දණ හිසෙන් නවා තබාගන්න. ඊටපසු හොඳ හුස්මක් අරගෙන ඔබේ උකුල සහ පසුපස ප්‍රදේශය දුන්නක් ආකාරයෙන් ඔසවාගෙන ටික වේලාවක් සිටින්න. ඉන්පසු ඉතාමත් සෙමින් නැවත මුල් ඉරියව්වට පැමිණ හුස්ම පිට කරන්න
දෙවන ක්‍රමයමේ රූපයේ දැක්වෙන ආකාරයට ඔබේ අත් පොලොවට තබා බඩ උස්සා මේ ව්‍යායාමය කරන්න.
තුන්වන ක්‍රමයමේ ව්‍යායාමය පටන් ගන්නේ රූපයේ 1 සටහනේ ඉරියව්වෙන්. ඉන්පසු 2 සටහනේ ආකාරයට ඔබේ පපුව හා උකුල කොටස් මේසයක් මෙන් උඩට උස්සන්න.
සිව්වන ක්‍රමයමේ ව්‍යායාමේ දී කරන්න ඕනේ හොඳින් ඉදිරියට ඇදිලා ඔයාගේ අත් දෙකෙන් කකුල් දෙකේ මහපට ඇඟිල්ල අල්ලන්න උත්සහ කිරිමයි.
පස්වන ක්රමයපහත රූපයේ ආකාරයට දවසට විනාඩි දෙකක් එල්ලිලා ඉන්න පුළුවන්නම් උස යන්න පුළුවන්. තත්පර 10ක් වගේ එක දිගට එල්ලිලා, ඒ වගේ 10-15 වගේ වතාවක් කරන්න.
හයවන ක්රමයසතියකට පැය 6ක් වගේ පිහිනන්න පුළුවන්නම් උස යන්න පහසුම ක්‍රමයක් තමයි පිහිනීම.

නමුත් හැමෝම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ ව්‍යායාම පමණක් කරාට උස යන්න බෑ. ඒකට ශරීරයට අවශ්‍ය හොඳ ආහාර පුරුදු තියාගන්න ඕනේ. කිරි, බිත්තර, කුකුල් මස්, සෝයා බෝංචි මේ වගේ ආහාර ගත්තොත් ව්‍යායාමත් සමඟ ඔබට ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -