අඟල් 3-4ක් ඉක්මණින් උස යන්න මෙන්න ලේසිම ක්‍රම කිහිපයක්
Saturday, 22 April 2017 - 11:01 | Views - 109,766
අපේ ජිවීතයේ වැදගත්ම සාධකයක් තමයි තමන්ගේ උස කියන්නේ. උස මදිකම නිසා බොහෝ වෙලාවට අපහසුතාවයට පත්වන්නේ තරුණයන්. තමන්ගේ රැකියාව කරන ස්ථානයේ ඉදිරියට යෑමට හෝ රැකියාව කිරිමට අපහසු වීම, නැතිනම් යහළුවන් විහිළු කිරීම වැනි බොහෝ දේ නිසා තරුණයන් අපහසුතාවයට පත්වේ. මේ ගැටළුව තරුණයන්ට පමණක් නොව තරුණියන්ටද බලපාන බොහෝ අවස්ථා ඇත.

මේ ලිපියෙන් කියවෙන්නේ ඔබට අඟල් 3-4ක් පහසුවෙන් උස යන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.

පළමු ක්‍රමය

පහත රූපයේ 1 සටහනේ දැක්වෙන ආකාරයට සමතලා බිමක වැතිරී කකුල් දෙක දණ හිසෙන් නවා තබාගන්න. ඊටපසු හොඳ හුස්මක් අරගෙන ඔබේ උකුල සහ පසුපස ප්‍රදේශය දුන්නක් ආකාරයෙන් ඔසවාගෙන ටික වේලාවක් සිටින්න. ඉන්පසු ඉතාමත් සෙමින් නැවත මුල් ඉරියව්වට පැමිණ හුස්ම පිට කරන්න



දෙවන ක්‍රමය

මේ රූපයේ දැක්වෙන ආකාරයට ඔබේ අත් පොලොවට තබා බඩ උස්සා මේ ව්‍යායාමය කරන්න.



තුන්වන ක්‍රමය

මේ ව්‍යායාමය පටන් ගන්නේ රූපයේ 1 සටහනේ ඉරියව්වෙන්. ඉන්පසු 2 සටහනේ ආකාරයට ඔබේ පපුව හා උකුල කොටස් මේසයක් මෙන් උඩට උස්සන්න.



සිව්වන ක්‍රමය

මේ ව්‍යායාමේ දී කරන්න ඕනේ හොඳින් ඉදිරියට ඇදිලා ඔයාගේ අත් දෙකෙන් කකුල් දෙකේ මහපට ඇඟිල්ල අල්ලන්න උත්සහ කිරිමයි.



පස්වන ක්‍රමය

පහත රූපයේ ආකාරයට දවසට විනාඩි දෙකක් එල්ලිලා ඉන්න පුළුවන්නම් උස යන්න පුළුවන්. තත්පර 10ක් වගේ එක දිගට එල්ලිලා, ඒ වගේ 10-15 වගේ වතාවක් කරන්න.



හයවන ක්‍රමය

සතියකට පැය 6ක් වගේ පිහිනන්න පුළුවන්නම් උස යන්න පහසුම ක්‍රමයක් තමයි පිහිනීම.



නමුත් හැමෝම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ ව්‍යායාම පමණක් කරාට උස යන්න බෑ. ඒකට ශරීරයට අවශ්‍ය හොඳ ආහාර පුරුදු තියාගන්න ඕනේ. කිරි, බිත්තර, කුකුල් මස්, සෝයා බෝංචි මේ වගේ ආහාර ගත්තොත් ව්‍යායාමත් සමඟ ඔබට ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top