විදේශ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට හදිසි දැනුම්දීමක් ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා.
ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය ජනතාවට විශේෂ දැනුම්දීමක් කරනවා.
මීට අදාළ පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් මේ වන විට ලැබෙමින් පවතින බව එම කාර්යාලය අවධාරණය කළා.
ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා සිය ගිණුම් වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ මෙරට තුළ මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් අනිවාර්යයෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විය හැකි බව ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය පවසනවා.
එම නිසා මෙවැනි වංචනිකයන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත්.